ගුරු මාරු නීතියෙන් පිට:ගුරුවරුන් විශාල පිරිසක් අගතියට පත් වෙලා

  👤  2597 readers have read this article !
By mawbima 2017-10-18

දයා පෙරේරා

ජාතික පාසල්වල ගුරු මාරු කිරීම්වලදී අධ්‍යාපන අමාත්‍යාංශය නෛතික තත්ත්වයන් නොසලකා කටයුතු කර ඇති බැවින් ගුරුවරුන් විශාල පිරිසක් අගතියට පත්ව ඇතැයි ලංකා ගුරු සේවා සංගමය කියයි.
වාර්ෂික ස්ථාන මාරු මණ්ඩලයේ නිර්දේශ නොසලකා නිලධාරීන්ගේ අභිමතය පරිදි සිදු කළ ස්ථාන මාරුද තිබෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

වයස අවුරුදු 55 ඉක්ම වූ ගුරුවරුන්ගේ ඉල්ලීමකට හැර ස්ථාන මාරු නොකළ යුතු බව ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියේ සඳහන් වුවද එම සීමාව මෙවර කඩකර ඇති බවද හෙතෙම කියයි.
වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටුවකට අවස්ථාව ලබා නොදීම ගැනද විරෝධය පළකරන සංගමය අසාධාරණයට ලක්වූවන්ට සහනයක් සලසන ලෙසද ඉල්ලයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්