දිස්ත්‍රික්ක පහකට ශ්‍රීලනිපයෙන් නව සංවිධායකවරු

  👤  2752 readers have read this article !
By mawbima 2017-10-18

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක තනතුරුවලට පත් කළ 09 දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (17දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

අම්පාර, කොළඹ, මාතර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක පහ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස පත්වීම් ලබා ගත් අය මෙසේය.
නලීන් ගුණසේකර - කොළඹ දිස්ත්‍රික්කය
මීරා ලෙබ්බේ රෙබුපාසම් - අම්පාර දිස්ත්‍රික්කය
නවනීදරාජා - අම්පාර දිස්ත්‍රික්කය
අයි.එම්. අබ්දුල් වහබ් - අම්පාර දිස්ත්‍රික්කය
ටී.රෆයිඩීන් - අම්පාර දිස්ත්‍රික්කය
ප්‍රණීත් පද්මතිලක - මාතර දිස්ත්‍රික්කය
එම්.එච්.එම්. සකරියා - රත්නපුර දිස්ත්‍රික්කය
ආරියරත්න විජේවික්‍රම - අම්පාර දිස්ත්‍රික්කය
(මහ ඔය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා)
සුජීව ගොඩලියද්ද - මාතලේ දිස්ත්‍රික්කය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon