ගුරු මාරු තීරණය කිසිදු හේතුවක් නිසා හකුළා ගන්නෙ නෑ

  👤  2618 readers have read this article !
By mawbima 2017-10-18

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

එකම පාසලේ වසර 10කට වඩා සේවය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට මාරු කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය අභියෝගයකට ලක් කරමින් පාසල්වල කඩාකප්පල්කාරී ක්‍රියා සැලසුම් කිරීමට උත්සාහ කරන ගුරුවරුන්, පාසල් සංවර්ධන සමිති නිලධාරීන්, ආදි ශිෂ්‍යයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීම කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුවය.
එකම පාසලේ වසර 10කට වඩා සේවය කළ ගුරුවරුන් වෙනත් පාසල්වලට යැවීමෙන් සියලුම ගුරුවරුන්ට ජනප්‍රිය පාසල්වල ඉගැන්වීමට අවස්ථාව දීමට ඉහත තීරණය ගන්නේ, රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිවල එක් කොටසක් ලෙස බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවල ප්‍රබල ඉල්ලීමකට අනුව ගත් මෙම තීරණය කිසිදු හේතුවක් නිසා හකුළා නොගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම මාරුවීම් පටිපාටිය සකසා ඇත්තේ ගුරු සේවයේ ඵලදායිතාව වැඩ කර විධිමත් සේවයක් ඇති කිරීම සඳහා බව කී අමාත්‍යවරයා මේ ගුරු මාරු ක්‍රියාවලියේදී දේශපාලනය කුමන කරුණක් නිසා හෝ අදාළ කර නොගන්නා බව ද පැවසීය.

මෙම ක්‍රියාවලිය ගුරු මාරු මණ්ඩල සහ වෘත්තීය සමිති එක්ව අස්සන් කොට අනුමත කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඇතැම් ගුරු සංගම් ගුරු මාරු ක්‍රියාවලියට අනුමැතිය පළ කර අද වෙනත් කතා කීම විහිළුවට කරුණක් බව ද කීය.
රාජ්‍ය සේවයේ නිරත සෑම අයකුම සේවා ස්ථාන මාරුවීමේ ක්‍රියාවලියට යටත් බව ද ඇමැතිවරයා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්