නාමල් ඇතුළු පිරිසගේ ප්‍රකාශයට නීතිමය පියවර ගන්නවා

  👤  2642 readers have read this article !
By mawbima 2017-10-18

ඉෂාරා සිල්වා

හම්බන්තොට උද්ඝෝෂණයට සම්බන්ධ වූවන් නිදහස් කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් තමන් අධිකරණයට ලිපියක් ඉදිරිපත් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සිදු කර ඇති අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තමන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා යැයි පවසන එම ලියැවිල්ල කුමක්දැයි සෙවීම හා එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නීතිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරයි.
තමා විසින් සිදු නොකළ ක්‍රියාවක් සිදු කළා යැයි කියමින් ජාතික මට්ටමේ මාධ්‍ය ආයතන ඉදිරියේ ප්‍රකාශ කිරීම තම කීර්ති නාමයට කළ අපහාසයක් බවද එවැනි ලියැවිල්ලක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති නම් එය අදාළ පුද්ගලයන් විසින් අධිකරණයට සිදුකරන ලද අපහාසයක් බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එම ලියැවිල්ල කවුරුන් විසින් ඉදිරිපත් කරන ලද්දක්දැයි සොයා බැලීම අධිකරණය සතු වගකීමක් වන අතර එවැනි ලිපියක් එජනිස ඉදිරිපත් කරන්නේ නම් එයට අස්සන් කළ හැක්කේ ජනාධිපතිවරයාට හා තමාට පමණක් බවත් එම නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්