සහල් තොග අලෙවිය සමුපකාරවලටත්

  👤  2620 readers have read this article !
By mawbima 2017-10-18

දෙනගම - ධම්මික රණවීර

රජය සතු සහල් සතොස මඟින් පමණක් අලෙවි කිරීම නිසා ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් අවකාශයක් නොලැබෙන බව අවධාරණය කොට ඇති කැබිනට් මණ්ඩලය, මින් ඉදිරියට සමුපකාර මඟින්ද රජයේ සහල් තොග අඩු මිලට අලෙවි කිරීමට තීරණය කොට තිබේ.

කැබිනට් මණ්ඩලය ඊයේ (17දා) එම තීරණය ගෙන ඇත්තේ රජය ප්‍රකාශ කරන අඩු මිලට සහල් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් නොලැබෙන බවට ඇමැතිවරුන් කීප දෙනකු පෙන්වා දීමෙන් අනතුරුවයි. රජයේ සහල් තොග සමුපකාර වෙත ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශයට භාරදී ඇත. ඒ අනුව ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්ද සිදු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්