ධීවර කර්මාන්තයේ ජයග්‍රහණ රැසක් පසුගිය දෙවසර තුළ අත් කර ගත්තා

  👤  3533 readers have read this article !
By mawbima 2017-10-13

ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අවශ්‍යතාව සඳහා මත්ස්‍ය සම්පත සුරක්ෂිත කිරීම හා මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලුම වැඩකටයුතු පසුගිය වසර දෙක තුළ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් යථාර්ථයක් බවට පත්කළ බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් පරිදි ක්‍රියාත්මක කර තිබෙන ආහාර
නිෂ්පාදන වගා සංග්‍රාම වැඩපිළිවෙළ යටතේ ධීවර දිනය වූ පසුගියදා (10දා) එහි ප්‍රධාන වැඩසටහන ත්‍රිකුණාමලය කල්ලරාව දී පැවැත්විණි.
එහිදී ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 200ක වියදමින් ස්ථාපිත කරන ලද මිරිදිය ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය අමාත්‍යවරයා අතින් විවෘත විය. ඊට සමගාමීව දැල් ආම්පන්න හා ධීවර ප්‍රජාවගේ සනීපාරක්ෂක පහසුකම් නැංවීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමද අමාත්‍යවරයා අතින් සිදුවිය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා,

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය වත්මන් ආණ්ඩුව යටතේ ජයග්‍රහණ රැසක් පසුගිය වසර දෙක තුළ අත්පත් කර ගත්තා. ඉන් පළමුවැන්න
තමයි අපේ මත්ස්‍ය සම්පත අපනයනය සඳහා යුරෝපා සංගමය විසින් පනවා තිබූ අපනයන තහනම ඉවත් කරවා ගැනීම. ඒ වගේම තමයි ට්ඉර්ථී+ සහනය නැවත ලබා ගැනීමට හැකිවීම. මේ දෙකෙන්ම වැඩිම වාසියක් අත් වුණේ ධීවර කර්මාන්තයට. මේ වසරේ ගත වූ මුල් මාස 06 තුළ අපේ රටේ සමස්ත අපනයන ඉපැයීම්වලින් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ ධීවර කර්මාන්තයෙන්. එම කාලය තුළ ධීවර සම්පත්, මුහුදු ආහාර අපනයනයෙන් අපේ රට උපයා ගත් ආදායම 44%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ රටේ සමස්ත අපනයන ගත් විට ඒවා අංශ දෙකක්. එකක් කාර්මික අපනයන. අනික කෘෂි අපනයන. මත්ස්‍ය අපනයන අයත් වන්නේ කෘෂි අපනයන ගණයටයි. එම ක්ෂේත්‍රයෙන් වැඩිම ආදායමක් උපයා ගෙන තිබෙන්නේ ධීවර
ක්ෂේත්‍රයෙනුයි.

සමහරු අහනවා ලංකාව වගේම අට ගුණයක් විශාල මුහුදු කලාපයක් අපට තිබෙද්දී රටේ පරිභෝජනයට අවශ්‍ය තරම් මාළු ටික අල්ලා ගන්න බැරි ඇයි කියලා. අපේ රට වටේ මුහුදු තිබූ පමණින් ඇති තරම් මාළු අල්ලන්න පුළුවන් කමක් නෑ. විවිධ ජාත්‍යන්තර නීති රීති ඊට හරස් වෙනවා. නමුත් මත්ස්‍ය වගාව සිදු කරන්නට අපිට කාගෙන්වත් තහනමක් නෑ. අපේ රටේ මත්ස්‍ය වගාවට ඕන තරම් ඉඩකඩ තිබෙනවා. ඒවාට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි සූදානම්.
ධීවර දිනය තුළ අපි වැඩපිළිවෙළ රැසක් ධීවර කර්මාන්ත ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රධාන වැඩසටහන තමයි කල්ලරාවේදී පැවැත්වෙන්නේ. මෙහිදී මිරිදිය ඉස්සන් පැටව් මිලියන 50ක් අපි මෙම අභිජනන මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනවා. මින් පසු උතුරු ප්‍රදේශයේ ජලාශවලට දකුණේ සිට ඉස්සන් පැටව් ගෙන ඒමට අවශ්‍යතාවක් නැහැ. කල්ලරාව අභිජනනාගාරයෙන් උතුරු පළාතටම අවශ්‍ය ඉස්සන් පැටව් අපි බෙදා දෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon