කුලියාපිටිය මූලික රෝහලේ ප්‍රථම වරට වේදනාවෙන් තොර සැත්කම් දෙකක්

  👤  3563 readers have read this article !
By mawbima 2017-10-13

ගිරිඋල්ල _ ඔවින් කෞශල්‍ය

පිළිකා තත්ත්ව ඇතුළු සියලුම උගුර, කන නාසය සම්බන්ධ සැත්කම් අවම රුධිර වහනයකින් හා වේදනාවෙන් තොරව සිදුකිරීමේ ඛ්ධඡතචබඪධද ඉභපඨඥපර නමැති ශල්‍ය කර්මය කුලියාපිටිය මූලික රෝහලේ ප්‍රථමවරට අති සාර්ථකව ඊයේ (12දා) සිදුකිරීමට හැකිවූ බව උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා පවසයි.
පැරැණි ක්‍රමයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 90ක පමණ වුවත් හඳුන්වාදුන් නව ක්‍රමයේදී
උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට අඩු වීම හේතුවෙන් රෝගියාට කිසිදු අතුරු ආබාධයකින්

හා සංකූලතාවකින් තොරව ඊට මුහුණ දිය හැකි බවත් රෝගියාගේ රුධිර වහනය පෙර පැවැති සාමාන්‍ය සැත්කමකදී බහුල වුවත් මෙම නව ක්‍රමය මඟින් රුධිර වහනය අවම මට්ටමේ පවත්වා ගනිමින් වේදනාවකින් තොරව සැත්කම සිදු කිරීමට හැකිවීමත් සැත්කමෙන් පසුව සාමාන්‍ය පරිදි රෝගියාට කෑම බීම ආදී එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතුවල නිරතවීමට හැකියාව ලැබීමත් විශේෂත්වයක් බවත් කොළඹ ජාතික රෝහලේ හැරුනුකොට පිටපළාතක අදාළ සැත්කම කළ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයක් බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

ඊයේ (12දා) අදාළ සැත්කම් 2ක් සිදුකළ අතර වයස අවුරුදු 7 හා 12ක දරුවන් දෙදෙනකු එම සැත්කම්වලට මුහුණ දී තිබිණි. සාර්ථකව නිමකළ අදාළ සැත්කම් දෙක සඳහාම කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරියත්, වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයත් මෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයද දැක්වූ සහයෝගය අගයන බවත් විශේෂඥ වෛද්‍ය රිස්නි සක්කාෆ් මහතා
වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon