එ.ජා.ප. සභාපති-ලේකම් කොමිසමට කැඳවීම ජනවාරි 8 වෙනසේ ප්‍රතිඵලයක්

  👤  3551 readers have read this article !
By mawbima 2017-10-13

උපතිස්ස පෙරේරා

දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට රට පාලනය කරන ප්‍රධාන පක්‍ෂයේ සභාපතිවරයා සහ මහ ලේකම්වරයා බැඳුම්කර කොමිසම හමුවට කැඳවීම දූෂණය, භීෂණය හා වංචාවට එරෙහිව ජනවාරි 8දා ජනතාව ඇති කළ වෙනසෙහි ප්‍රතිඵලයක් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ ප්‍රධාන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ වැරැදි දෙයක් සම්මත වෙයි නම් ඊට වගකිව යුත්තේ ඒකාබද්ධ විපක්‍ෂය බවත් තමන්ට එල්ල වී ඇති චෝදනා සහ වැරදි වසා ගැනීමට ඔවුන් නොයෙකුත් අසත්‍ය ප්‍රකාශ කරන බවත් පෙන්වා දුන්නේය.

"අපට ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමඟ කිසිම ඩීල් එකක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයට
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩන ඩීල් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ජනාධිපතිවරයෙක් පත් වූ නිසා අද ඒකාබද්ධවිපක්‍ෂයක් තිබෙනවා. යූ.ඇන්.පී.යෙන් ජනාධිපතිවරයෙක් ආවා නම් ඔය ඔක්කොම අද ඉන්නේ හිරේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් රණවිරුවන්වත් අද ආරක්‍ෂා කරන්නේ ජනාධිපතිතුමා. ඒකාබද්ධ විපක්‍ෂය කරන්නේ ජාතිවාදී හැඟීම් අවුස්සා තම අවශ්‍යතාවන් ඉටුකරගැනීම. ජනාධිපතිතුමාගේ අපේක්‍ෂාව වන්නේ ශ්‍රී ලංකා නිදහස්
පක්‍ෂය ජයග්‍රහණය කරවීමයි." යැයි ද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon