14-15දා කොළඹ තුරඟ තරග පිටියේදී

  👤  3558 readers have read this article !
By mawbima 2017-10-13

සගීත් දෙහිපිටිය

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් පවත්වන ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ තෙවන සහ අවසන් අදියර 14 සහ 15 යන දිනවල කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සදහා තරග වදින ශ්‍රී ලංකා සත් සමාජික රගබි පිරිමි කණ්ඩායමට රෙහාන් සිල්වා හා රීසා රෆයිඩීන් යන නවක ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් කොට තිබේ.

කෙසේ වෙතත් ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කෙවින් ඩික්සන්, හිරන්ත පෙරේරා, චානක චන්දිමාල් සහ නවීන් හේනකංකානමගේ වෙනුවට නවක ක්‍රීඩකයන් දෙදෙනාත් රිචඩ් ධර්මපාල සහ කවිඳු පෙරේරාත් කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුදර්ශන මුතුතන්ත්‍රි වෙත පැවරී ඇත.

පිරිමි තරගාවලිය 'ඒ' හා 'බී' වශයෙන් පැවැත්වෙන අතර 'ඒ' කාණ්ඩයට ද. කොරියාව, චීනය, ශ්‍රී ලංකාව හා චීන තායිපේත් 'බී' කාණ්ඩයට ජපානය, හොංකොං, මලයාසියාව හා පිලිපීන කණ්ඩායම් ඇතුළත්ව සිටී.

ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සත් සමාජික රග්බි කණ්ඩායම - සුදර්ශන මුතුතන්ත්‍රි (නායක), ජේසන් දිසානායක, ධනුෂ්ක රංජන්, ශ්‍රී නාත් සූරියබණ්ඩාර, සුදම් සූරියආරච්චි, ඔමල්ක ගුණරත්න, කවිඳු පෙරේරා, රිචඩ් ධර්මපාල, තරින්ද රත්වත්තේ, දනුශ් දයාන්, රීසා රෆයිඩීන්, රෙහාන් සිල්වා, පීටර් වුඩ්ස් (පුහුණුකරු)

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon