එඩෙක්ස් ක්‍රීඩා උළෙල 15දා

  👤  3512 readers have read this article !
By mawbima 2017-10-13

කොළඹ අසරණ සරණ සමිතිය කෘත්‍රිම පාද පලඳින්නන්ගේ ක්‍රීඩා උළෙල වන එඩෙක්ස් 2017 ක්‍රීඩා උළෙල මෙම මහ 15 වැනි දින කොළඹ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. හමුදා ක්‍රියාන්විත ඇතුළුව විවිධ හේතූන් නිසා පාද අහිමි වූ සහ උපතින්ම පාද අහිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට නියමිතය. ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් 63කින් සමන්විත වන මෙම ක්‍රීඩා උළෙල කාන්තා සහ පිරිමි පාපැදි ධාවන තරගයෙන් ආරම්භ කිරීමට නියමිත වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්