සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ආසියානු රිදී පදක්කම්ලාභියා අරුණ හමුවේ පරාජය වෙයි

  👤  3555 readers have read this article !
By mawbima 2017-10-13

විචිත්‍ර වීරසිංහ

මේ වසරේ ඉන්දියාවේදී පැවැති ආසියානු ශූරතාවලියේදී මීටර් 4×400 සහාය දිවීමේ ඉසව්වේදී රිදී පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තරුෂ ධනංජය පරාජයට පත්කරමින් 33වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය වන ඊයේ දිනයේදී අවුරුදු 20න් පහළ මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට අරුණ දර්ශන සමත් විය.

දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියේදී අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන එහිදී තත්. 47.19ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගනිද්දී තත්. 47.67ක කාලයක් සටහන් කළ කොළඹ ලුම්බිණි විදුහලේ තරුෂ ධනංජයට රිදී පදක්කම හිමිවිය.
මේ අතර අවුරුදු 20න් පහළ මීටර් 400 කාන්තා තරගයේදී අඹගමුව විදුහලේ යමානි දුලාංජලී තත්. 55.29ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගනිද්දී තත්. 55.70ක කාලයක් සටහන් කළ වලල ඒ. රත්නායක විදුහලේ එම්. එස්. කුමාරසිංහට රිදී පදක්කම හිමිවූවාය.

කෙසේ වෙතත් ඊයේ දෙවැනි දිනය වන විට ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් ඇයගේ දෙවැනි රන් පදක්කම අවුරුදු 16න් පහළ මීටර් 100 ඉසව්වෙන් දිනාගත් අතර, අවුරුදු 16න් පහළ පිරිමි ඉසව්ව නියෝජනය කරන හලාවත ශා. මේරි විදුහලේ මිලින්ද ප්‍රනාන්දු දෙවැනි රන් පදක්කමද ඊයේ දිනාගත්තේය.

ඊයේ අවසන් වූ තරග ප්‍රතිඵල කිහිපයක්
අවුරුදු 20න් පහළ දුර පැනීම)
1.ඉසුරු මලින්ද (රිච්මන්ඩ්) _ මීටර් 6.97, 2.කවිඳු කල්දේරා (දන්කොටුව ලොයලා විදුහල) _ මීටර් 6.92, 3. ඒ ආදිත් (මුල්ලිපොතන විදුහල) - මීටර් 6.89
අවුරුදු 20න් පහළ මීටර් 400
1.අරුණ දර්ශන _ (අකුරම්බොඩ වීරකැප්පෙටිපොල ජාතික පාසල) _ තත්. 47.19, 2. තරුෂ ධනංජය (ලුම්බිණි) _ තත්. 47.67, 3. පසිඳු මිහිරංග (කොළඹ නාලන්දා) _ තත්. 48.01

බාලිකා අවුරුදු 20න් පහළ මීටර් 400
1.යමානි දුලාංජලී (අඹගමුව විදුහල) _ තත්. 55.29, 2. එම්.එස්. කුමාරසිංහ (වලල රත්නායක) _ තත්.55.70, 3. රොමේෂි ඉෂාරා (නුගේගොඩ ලයිසියම්) _ 58.93

අවුරුදු 18න් පහළ මීටර් 400
1.සචිනි දිව්‍යාංජලී (වත්තල ලයිසියම්) තත්. 56.96, 2. සඳුනි බණ්ඩාර (ශා.ජෝෂප් බාලිකා) තත්. 58.13, 3. ඒ.කේ. තත්සරණී (අඹගමුව විදුහල) තත්. 58.32

අවුරුදු 16න් පහළ මීටර් 100
1.සදීපා හෙන්ඩර්සන් (රාජගිරිය ගේට්වේ) තත්. 12.67, 2. ඒ.එම්. ප්‍රනාන්දු (යහපත් එඩේරාගේ කන්‍යාරාමය) තත්.12.95, 3. දිල්මි යසිනි (කොළඹ යසෝදරා) තත්.13.05

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon