දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා උතුරේ අද හර්තාලයක්

  👤  3516 readers have read this article !
By mawbima 2017-10-13

ලක්‍ෂ්මී ජයකොඩි

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි රජයට බල කරමින් අද (13දා) උතුරේ හර්තාලයක්ද, කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වේ.
උතුරේ දේශපාලන පක්‍ෂ හා දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් තිදෙනකු මේ වනවිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ නඩු නැවතත් වවුනියාව මහාධිකරණයට මාරු කරන ලෙස ඉල්ලමින් ඔවුන් මේ උපවාසය ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් එම නඩුවල සාක්‍ෂි ආරක්‍ෂා කිරීමේ වගකීම රජය සතු වගකීමක් වන බැවින් නඩු නැවත වවුනියාව මහාධිකරණයට මාරු කිරීමට නොහැකි බව නීතිපතිවරයා විසින් පවසා ඇතැයි සඳහන් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්