“මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ හතර වැනි අදියර 22දා

  👤  3525 readers have read this article !
By mawbima 2017-10-13

ජනාධිපතිතුමන්ගේ 'මතින් නිදහස් රටක්' උදාකරලීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය විසින් සංවිධානය කරනු ලබන මත්ද්‍රව්‍ය භාවිතයේ හානිය හා 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ හතර වැනි අදියර මෙම 22 වැනි දින 09.00 සිට තොටළඟ රන්දිය උයන නිවාස සංකීර්ණය අසලදී පැවැත්වේ.

ඒ සඳහා මෝදර පොලිස් බලප්‍රදේශය තුළ දිවි නැඟුම සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ක්‍ෂේත්‍ර නිලධාරීන්, සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සමෘද්ධි කුඩා කණ්ඩායම් නායක නායිකාවන්ද ක්‍ෂේත්‍ර අංශ සම්බන්ධ නිලධාරීන් හා අනෙකුත් ස්වේච්ඡා සංවිධාන ආදී කණ්ඩායම් ද සහභාගි වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්