අල්ලන්න තහනම් මිණිමුතු මෝරු ඇල්ලූ ධීවරයෝ තිදෙනෙක් මාට්ටු

  👤  3584 readers have read this article !
By mawbima 2017-10-13

මඩකළපුව - ජේ. ඛාන්, ත්‍රිකුණාමලය _ ලක්මාල් කේ. බදුගේ

ශීඝ්‍රයෙන් වඳවී යෑම නිසා ඇල්ලීමට තහනම් මිණිමුතු මෝරකු අල්ලා වාලච්චෙන ධීවර වරායට රැගෙන ආ ධීවර කාර්මිකයන් තිදෙනකු පෙරේදා (11දා) අත්අඩංගුවට ගත් වෙරළාරක්ෂක බළකාය වැඩිදුර පරීක්ෂණ සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර පරීක්ෂකවරුන්ට භාර දෙනු ලැබීය.
අත්අඩංගුවට ගත් එම ධීවරයන් පවසන්නේ තමන්ට ගැඹුරු මුහුදේදී තවත්් ධීවර පිරිසක් මේ මෝරා ලබාදුන් බවත් එම මිණිමුතු මෝරා ඇල්ලීමට තහනම් බව තමන් නොදන්නා බවයි.

ධීවර හා ජලජ සම්පත් ආඥා පනතින් මිණිමුතු මෝරුන් ඇල්ලීම තහනම් කර ඇති හෙයින් එම පනත යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරන බව ධීවර පරීක්ෂකවරු පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon