පොල් මිල පාලනයට ගත් ක්‍රියාමාර්ග සාර්ථකයි

  👤  3530 readers have read this article !
By mawbima 2017-10-13

ආරියරත්න ගනේගොඩ

පොල් මිල පාලනය කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග සාර්ථක වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
වර්ණ ගැන්වූ පොල් යොදා ගැනීම ඊට ප්‍රධානතම හේතුව බවයි එහි සභාපති කපිල යකන්දාවල මහතා "මව්බිම"ට කියා සිටියේ.
ලක්ෂ 10ක පොල් තොගයක් විවෘත වෙළෙඳපොළට මුදා හැරීමට සැලසුම් කර තිබෙන බවත් ඉන් ලක්ෂ 6ක් මේ වනවිටත් පාරිභෝගිකයන්ට ලබා දී තිබෙන බවත් ඔහු කීය.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය ප්‍රධාන අනකුත් නගරවල සතොස ආයතන මඟින් පොල් ගෙඩියක් රුපියල් 65කට අලෙවි කරන බවත් ඒ අනුව රටේ අනෙකුත් දිස්ත්‍රික්ක හා ප්‍රදේශවල පොල් මිල පාලනය වී ඇති බවත් පොල් මණ්ඩලය කියා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්