ජාතික විරුජන සම්මාන සඳහා අයැදුම්පත් කැඳවයි

  👤  3522 readers have read this article !
By mawbima 2017-10-13

චාමිණී ගම්මන්පිල

වීර පොදුජන පදනම මඟින් 2017 වර්ෂය සඳහා පිරිනමන සම්මාන සඳහා ශ්‍රී ලාංකේය පුරවැසියන්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ. අයදුම්පත් ලැබීමෙන් පසුව විනිශ්චය මඬුල්ලක් මඟින් සම්මුඛ පරීක්ෂණ සහ ඉදිරිපත් කර ඇති සාක්ෂි මත සම්මාන සඳහා පුද්ගලයන් තෝරනු ලැබේ. ජාතික විරුජන සම්මාන සඳහා සම්මාන නිර්ණායක පහත දැක්වේ.
සිය ජීවිතයට හෝ ශාරීරිකව ඇති විය හැකි අනතුරු නොසලකා අභීතව, ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ගංවතුර, ගින්න, පතල් ආශ්‍රයෙන් හා රළු මුහුදේ ඉබේ ඇති වූ හෝ මිනිසා විසින් උත්පාදනය කළා වූ ආපදා අවස්ථාවකට බඳුන් වූ ජීවිත බේරාගත් හෝ බේරා ගන්නට තැත් කළ ශ්‍රී ලාංකේය පුරවැසියෝ මෙම සම්මාන ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබති. බුදල්නා ස්වර්ණ සම්මානය සහ විරුජන රජත මුද්‍රිකා මේ සඳහා පිරිනැමෙයි.

විරුජන ජනහිතකාමී සම්මාන සඳහා සුදුසුකම් ලබන්නේ ස්වකීය පෞද්ගලික ධනයෙන් පාසලක් හෝ ආරෝග්‍ය ශාලාවක් හදන පුරවැසියන්ය.
සත්ත්ව වර්ගයා හා ශාක සංහතිය ආරක්ෂා කිරීමට හා බේරා ගැනීමට ගන්නා ලද අසාමාන්‍ය උත්සාහය විරුජන ශාක සත්ත්ව සම්මානයෙන් අගය කෙරේ.
ශිෂ්‍ය විරුජන සමත් ක්‍රියාකාරකම් සම්මාන (සුදු හංස මුද්‍රිකාව) සඳහා සුදුසුකම් ලබන්නේ සමාජ සේවය උදෙසා පාසල් පද්ධතිය තුළ පිළිගත් සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් එහි පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට ධෛර්යවන්තව හා කැපවීමෙන් කරන ලද කාර්යභාරය ඇගයීමට පාසල් සිසුන් සඳහාය.
විරුජන නූර් (ජෛව) සම්මානය පිදෙන්නේ පෞද්ගලික කැප කිරීමෙන්, මාධ්‍ය අනාවරණය තුළින්, මාධ්‍ය ගවේෂණ හා අනාවරණය මඟින් ජීවිතයට ඇති අවදානම එළිදරව් කිරීම තුළින් යන කාරණ මත විරුජන වීරත්වය ප්‍රරෝහණය කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුරවැසියන්ටය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්