විරල ගණයේ හෘදයාබාධයකින් මලල ක්‍රීඩා ශුර රත්නායක දිවියෙන් සමුගනී

  👤  3556 readers have read this article !
By mawbima 2017-10-13

කුලියාපිටිය _ එස්. ඒකනායක

කුලියාපිටිය මහා විද්‍යාලයේ කීර්තිමත් මලල ක්‍රීඩා ශුරයකු වූ කටුනායක ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවක විධායක ශේ‍ර්ණියේ නිලධාරියකු වූ යක්විල _ කිතලපිටිය පදිංචි ආර්.එම්.එල්.කේ. රත්නායක මහතා පෙරේදා (11දා) රාත්‍රියේ හදිසි හෘදයාබාධයකින් සිය නිවෙස ඉදිරිපිටදී මියගොස් ඇත.
56 හැවිරිදි රත්නායක මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත්තේ හෘදයවස්තුවේ සංස්ථානික ධමනිය පුපුරා රුධිරය වහනය වීමෙන් හටගත් හදිසි හෘදයාබාධයක් හේතුකොට ගෙන මේ මරණය සිදුව ඇති බවයි. මේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද කුලියාපිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන මහතා අවධාරණය කළේ මේ හෘදයාබාධ තත්ත්වය කලාතුරකින් දැකිය හැකි විරල හෘදයාබාධයක් බවයි.


කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක නන්දන සී. හෙට්ටිගමගේ මහතා තීන්දුව ලබාදෙමින් පැවැසුවේ අප නිරෝගී පුද්ගලයන් ලෙස සිතා සිටියත් වසරකට වරක් - දෙවරක්වත් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදුකර ගත යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්