රට බෙදන මේ ව්‍යවස්ථාවට එරෙහි නොවන්නේ කාලකණ්ණි

  👤  3592 readers have read this article !
By mawbima 2017-10-13

රටේ සම්පත් විකුණාගෙන රට කෑලි නවයකට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් එනවා. ජනතාව මෙයට විරුද්ධයි. මේ වැඩේට එරෙහිව අපි මොනවාහරි නොකළොත් පාර්ලිමේන්තුවේ හිටපු කාලකණ්ණි 225 දෙනා අතරට අපිත් එක්වෙනවා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතා කීය.
ඒ මහතා එසේ කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් තරුණ සංවිධානය පිහිටුවීම සඳහා උඩුගම්පොළ රෙජී රණතුංග සමරු ශාලාවේදී පැවැති රැස්වීමේදීය.
ඒ මහතා මෙසේද කීවේය.

ප්‍රාදේශීය සභාවටවත් දිනන්න බැරි අය දාලා ශ්‍රී ලනිපය දුර්වල කරලා 2020 වනවිට රනිල් ජනාධිපති කරලා අගමැති කට්ටවත් ගන්නයි මේ උත්සාහය. රනිල් ජනපති වෙනකල් අපට උඩ බලාගෙන ඉන්නද කියන්නේ. හාල් කිලෝව සීයයි. පොල්ගෙඩිය එකසිය පනහට ගිහින්. තරුණයන්ට පොරොන්දු දුන්නා. ෆී්‍ර වයිෆයි ගැන කීවා. රැකියා දස ලක්ෂය ගැන කීවා. මේවා වැඩිහිටියන්ට තැකීමක් ඇති දේවල් නොවේ. තරුණ ඡන්ද ටික පෙට්ටියට දමා ගැනීමයි අරමුණ වුණේ.
අද සයිටම් එකට විරුද්ධව වැඩකරන ජවිපෙය ඇත්තටම සයිටම් එකට විරුද්ධව කතා කරනවාද? සයිටම් විරෝධී තරුණ ඡන්ද ටික එකතු කර ගැනීමේ අරමුණින් කරනවාද කියා කල්පනා කර බැලිය යුතුයි.

කාන්තා ප්‍රතිශතය වැඩිකිරීමේ පනතක් ගෙනල්ලා පළාත් සභා ඡන්දය කල් ගියා.
ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවත් යටපත් කරලා පළාත් සභා පනතට සංශෝධනයක් ගෙනාවා කාන්තා ප්‍රතිශතය වැඩි කරන්න කොට්ඨාස ක්‍රම යටතේ. එතකොට මුළු පළාත් සභා සියල්ලම කොට්ඨාස ක්‍රමයට යනකල් මැතිවරණ තියන්න බෑ. මේ පනත සම්මත වුණේ නැත්නම් මේ වනවිට සබරගමුව, උතුරු මැද පළාත් සභා විසුරුවා හැරලා ඉවරයි.
මැතිවරණ සටනින් රනිල් පාර්ශ්වය වගේම මෛත්‍රි පාර්ශ්වයත් අන්ත පරාජයක් ලබා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලබනවා.

පසුගිය මැතිවරණයේදී සන්ධානය දිනනවා කියලා බුද්ධි අංශ වාර්තා ලැබුණා. දින්නත් මහින්දට අගමැතිකම දෙන්නෑ කියලා ජාතිය අමතලා කීවා. පක්ෂයේ සභාපතිවරයා අපේ පක්ෂයේ 45ක් යවලා රනිල්ට ආණ්ඩුවක් හදල දුන්නා. රනිල්ට තුනෙන් දෙකක ආණ්ඩුවක් හදන්න යනකෙනා ශ්‍රී ලනිපයට ආණ්ඩුවක් හදයි ද කියලා විශ්වාස කරන්න පුළුවන්ද? අපේ පක්ෂයේ හොඳම සංවිධායකවරු අයින් කරලා ප්‍රාදේශීය සභාවක්වත් දිනන්න බැරි අයව දාලා පක්ෂය දුර්වල කරලා මේ හදන්නේ 2020දී රනිල්ව ජනපති කරලා අගමැති කට්ටවත් ගන්නයි.

ඒ දිහා බලාගෙන උඩ බලාගෙන ඉන්නද කියන්නේ අපට.
අලි එපා කියලා කුමන පක්ෂයට කතිරය ගැහුවත් ඒ හැම ඡන්දයක්ම වැටෙන්නේ ආණ්ඩුවට. එතකොට ආණ්ඩුව ගෙදර යවන්නේ කොහොමද. ඒ නිසා තමයි ජනතාවට ආදරය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නෙලුම් පොහොට්ටුව ආවේ. මේ ආණ්ඩුව ගෙදර යවන ලකුණ තමයි නෙලුම් පොහොට්ටුව.
ගම්පහ - කේ. ඒ. සිසිර කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon