කොළඹ - තූත්තුකුඩිය අතර නැව් සේවාවක් ඇරැඹීමට අයැදුම්පත් කැඳවයි

  👤  3521 readers have read this article !
By mawbima 2017-10-13

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

කොළඹ සිට තූත්තුකුඩිය අතර නෞකා සේවාවක් ආරම්භ කිරීම සඳහා ආයෝජකයකු තෝරා ගැනීමට යළිත් අයැදුම්පත් කැඳවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මීට පෙරද මෙම ප්‍රවාහන නෞකා සේවය ක්‍රියාත්මක කිරීමට අයැදුම්පත් කැඳවූ අවස්ථාවේ ඒ සඳහා ප්‍රමාණවත් අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබී නැති හෙයින් නැවතත් මේ වෙනුවෙන් අයැදුම්පත් කැඳවූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සේවය ආරම්භ කිරීමෙන් ඉන්දියාව හා ලංකාව අතර ආර්ථික, සංචාරක හා රැකියා අවස්ථා වැඩිදියුණු කර ගැනීමට හැකි වනු ඇති බවට වරාය හා නාවික අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්