කොළඹට වයිෆයි කලාප 100ක්

  👤  3576 readers have read this article !
By mawbima 2017-10-13

අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව ආරම්භ වුණු නොමිලේ වයිෆයි ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100ක් ඇති කිරීමට පියවර ගෙන ඇත. කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20ක් ඇති කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකතන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසළ බැහැර කිරීමේ පහසුකම්ද මෙම යන්ත්‍රය මඟින් ලබා දේ.

මෙහි දෙවැනි පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයිෆයි කලාප 80 පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයන් හඳුනා ගැනීමට නියමිතයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon