‘රුහුණ’ හා ‘නිදහස’ කියන්නේ වචන දෙකක් නොවේ, එකක්

  👤  3615 readers have read this article !
By mawbima 2017-10-13

අපි ඒකාබද්ධ විපක්‍ෂය විදියට මේ රටේ ජනතාවට දෙන සහතිකය තමයි මේ රටේ රාජ්‍ය දේපොළ නොරටුන්ට කුණුකොල්ලයට විකිණීමේ තැත මෙවැනි බන්ධනාගාරගත කිරීම්වලින් නතර කරන්න බැහැ. මෙවැනි අරගලවලින් අපේ ඉතිහාසය පිරිලා තියෙන්නෙ. විශේෂයෙන්ම අපේ පාලකයන්ට මතක් කරන්න කැමැතියි දකුණ සහ නිදහස කියන්නෙ වචන දෙකක් නෙවෙයි එක සමාන තේරුම් දෙන වචනයක්.
මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මෙසේ පවසා සිටියේ රිමාන්ඩ් භාරයට පත්වී සිටින නාමල් රාජපක්‍ෂ, ඩී.වී. චානක ඇතුළු මන්ත්‍රිවරුන්ගේ සුවදුක් විමසීමට තංගල්ල බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදීය.

දැන් පොලිසිය විසින් ගොනු කරපු චෝදනාව තමයි රුපියල් දෙලක්‍ෂ තිස්පන්දහසක පොදු දේපොළවලට හානියක් සිදුකරලා කියලා. මේ දෙලක්‍ෂ තිස්පන්දහසෙන් එක් ලක්‍ෂ තිස්පන්දහසක් තක්සේරු කරලා තියෙන්නෙ පඹයන් පිලිස්සීම නිසා යකඩින් තැනූ මාර්ග බාධක උණු වෙලා කියලයි. මේ තමයි එක චෝදනාවක්.

පොදු දේපොළ යටතේ සිරගත කරලා ජම්පර් අන්දවන්න නාමල් මන්ත්‍රිතුමා ඇතුළු මේ කණ්ඩායම ගෙන්නලා තියෙන්නෙ පොදු දේපොළ ආරක්‍ෂා කිරීම සඳහා කරනු ලැබූ අරගලයට එරෙහිව. මේක මේ රටේ ජනතාව තේරුම් ගන්නවා ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් ගොඩනඟනු ලැබූ මේ රටේ විතරක් නෙවෙයි ආසියාවේම තියෙන බන්ධනාගාර නේවාසිකයන්ට වගේම බන්ධනාගාර නිලධාරීන්ට වැඩිම පහසුකම් තියෙන බන්ධනාගාරය තව සතියකින් විවෘත කරනවා අගුණකොළපෑලැස්සෙ. සමහර වෙලාවට අවංකවම මේ පාලකයො හිතුවද දන්නෙ නැහැ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිර්මාණය කරපු බන්ධනාගාරය එතුමාට ආරාධනා කරන්න බැරිකමට රාජපක්‍ෂ කෙනෙක් අඩුගානේ සිරකරුවෙක් හැටියට මේක ඇතුළෙ තියාගන්න ඕන කියලා. ඉතින් ඒ අර්ථයෙන් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිතුමා මේ ගෙනාවේ තුන්වැනි අවස්ථාවට. මතක තියා ගන්න මේ අවුරුදු දෙක ඇතුළෙ තුන්වැනි අවස්ථාවට මේ බන්ධනාගාර ගතකරලා තියෙන්නෙ. මේ සටන රාජ්‍යයේ දේපොළ රජ්‍යයේ භූමිය ආරක්‍ෂා කරගැනීමට කළ දෙයක්. මේ දෙලක්‍ෂ තිස්පන්දහසක අලාභය පිළිබඳ හම්බන්තොට පොලිසියේදී ප්‍රශ්න කිරීම් කෙරෙන අතරෙ අනෙක් පැත්තෙ කොළඹ ප්‍රශ්න කිරීමෙ තිබ්බෙ රුපියල් කෝටි ලක්‍ෂයක් ටි්‍රලියනයක මහ බැංකු මුදල් වංචාව සම්බන්ධයෙන්. දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කීය.

ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවක් ගෙන යෑමට තිබෙන අයිතියට පළමු කොටම පයින් ගසා තිබෙනවා. තමන්ගෙ රටේ තමන්ගෙ උරුමයට වස්තුවට හානියක් වෙන විට එයට විරෝධය පෑමට පුළුවන් බව අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අධිකරණය පවා පිළිගන්නවා. තහනමක් දීලා තිබුණු කටයුත්ත උල්ලංඝනය කරලත් නැහැ. ඒ අනුව කටයුතු කරමින් තමයි මේ විරෝධතාව ගෙනිච්චෙ. අපි පළමුවෙන්ම සඳහන් කරන්න කැමැතියි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මේ රටේ ඕනෑම තැනකට ගිහිල්ලා මහජන නියෝජිතයන් හැටියට ජාතික පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරු හැටියට වැරැද්දක් අසාධාරණයක් හානියක් සිද්ධ වෙනවා නම් කටයුතු කිරීමේ අයිතිවාසිකමක් තිබෙනවා. ඒ මූලික ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා ආණ්ඩුව හැසිරෙනවා නම් එය ආපසු හැරවීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය පසුගිය කාල පරිච්ඡේදය තුළ ගෙන ගිය ක්‍රියාමාර්ගය වගේම අද රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටින එවැනි සාධාරණ මහජන නියෝජිතයන්ට හිමි අයිතියක් ප්‍රකාශ කිරීම ජාතියෙ වස්තුව වෙනුවෙන් පෙනී සිටීමක්. ඒක ඉතා හොඳට පේනවා අද ඡන්ද තියන්නෙ නැහැ. අයිතිවාසිකම් දෙන්නෙ නැහැ. පළාත් සභා ඡන්දෙ තියන්නෙ නැහැ. අපි හිතනවා ඉතාම ඉක්මනින් මේ නියෝගය ආපසු හැරවීමට පුළුවන් වෙයි කියලා.

තංගල්ල - සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon