ඇමැති මංගල හා ඇමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් අතර හමුවක්

  👤  3613 readers have read this article !
By mawbima 2017-10-13

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අතරතුරදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා හා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී හමුවූ අවස්ථාව.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහිත, සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් සුරකින, සමාජයේ පවතින බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂිකත්වය අගය කරන දේශයක් බව මෙහිදී සමරවීර ඇමැතිවරයා ඇමෙරිකානු උප රාජ්‍ය ලේකම්වරයාට පෙන්වා දුන්නේය.

එමෙන්ම උප රාජ්‍ය ලේකම් ෂැනන් මහතා අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් සහයෝගය ලබාදෙන බවයි. අමාත්‍ය සමරවීර මහතා විදේශ අමාත්‍ය ධුරයේ සිටියදී වසර 2016දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාද වටයේ දෙවැනි සැසියට එළැඹෙන නොවැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ෂැනන් මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon