චාවකච්චේරියේ තරුණයන් දෙදෙනකු මරා දමලා

  👤  3568 readers have read this article !
By mawbima 2017-10-13

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ චාවකච්චේරි නුනාවිල් ප්‍රදේශයේදී 12දා දහවල් තරුණයන් දෙදෙනකු ඝාතනයට ලක්වී සිටිය දී ඔවුන්ගේ මළ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඔවුන් මියගොස් ඇති අන්දම පොලිසිය ප්‍රකාශ නොකළ අතර ප්‍රදේශවාසීන්ගෙන් පිරිසක් කියා සිටියේ මෙම තරුණයන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කොට ඇති බවයි.
තවත් පිරිසක් කියා සිටින්නේ ඔවුන් මරාදමන ලද්දේ කඩුවලින් කපා කොටා බවයි.

මියගිය තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු චාවකච්චේරිය රෝහලේ සිට යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන් මියගිය අන්දම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ප්‍රකාශ කළ හැකි බව චාවකච්චේරි පොලිසිය සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්