හම්බන්තොට විරෝධතාකරුවන්ට 16 ඇප නියම වේ

  👤  3633 readers have read this article !
By mawbima 2017-10-13

තංගල්ල - සහම්පති මානගේ

හම්බන්තොට පසුගියදා (06දා) පැවැති විරෝධතාවයේදී පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිස ලබන 16 දින ඇප මත මුදාගැනීමට බලාපොරොත්තු වන බව හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ චමිල නුවන් ලියනගම මහතා ඊයේ (12දා) පැවැසීය.
නීතිඥ ලියනගම මහතා මෙසේ පැවැසූවේ නීතිඥ චන්දිම පනාගොඩ මහතා සමඟ ඊයේ තංගල්ල බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීය.

අධිකරණයෙන් පසුගිය දින නියෝග කළා ඇප ඉල්ලුම්පත්‍ර දිවුරුම් ප්‍රකාශ මඟින් ඉදිරිපත් කරන්න කියලා. අපි අද බන්ධනාගාරයට පැමිණියේ අධිකරණයේ නියෝගය පරිදි එම දිවුරුම් ප්‍රකාශ අස්සන් කර ගැනීම සඳහා. ඒ කටයුතු අපි අද අවසන් කරලා තියෙනවා. අපි අද මේ දිවුරුම් ප්‍රකාශ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර දෙනවා. හතළිස් දෙනෙක් මේ වෙනකොට බන්ධනාගාරගත කරලා තියෙනවා. අපේ බලාපොරොත්තුවක් තියෙනවා එම හතළිස්දෙනාම ඇප පිට මුදා ගන්න හැකි වෙයි කියලා ලබන 16 වැනිදාට.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon