යාපනය මුහමාලෙයි බිම් බෝම්බ ඉවත් කිරීම් බලන්න ඇමෙරිකානු නියෝජිත පිරිසක් ඇවිත්

  👤  3596 readers have read this article !
By mawbima 2017-10-13

මුලතිව් - ශෂිකුමාර්
ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීමට ඇමෙරිකා නියෝජිතයන් පිරිසක් පෙරේදා (11දා) සවස යාපනයේ සංචාරයක නිරත වූහ.

එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් සංවිධාන නිලධාරීන් විසින් පෙන්වා දුන්නේ මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම ඉතා අසීරු කටයුත්තක් බවත් බිම්බෝම්බ වළ දැමුණු ස්ථාන පිළිබඳව නිශ්චිත ස්ථානයක් නොමැති වීම නිසා බිම්බෝම්බ ඉවත් කිරීමේ කාලය දීර්ඝ වනු ඇති බවත්ය.

ඇමෙරිකා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන යටතේ යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත ඩෑෂ් සංවිධානයේ නියෝජිතයන් පැවැසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය හා මෙරට ආරක්ෂක අංශ මුහමාලෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බ අධික ලෙස වළලා තිබීම හේතුවෙන් එම බිම්බෝම්බ ඉවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන බැවින් ඒ සඳහා ගතවන කාලය නිශ්චිතවම කිව නොහැකි බවයි.

යුද්ධය බහුල වශයෙන් පැවැති මුහමාලෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉදිරි ආරක්ෂක වළල්ලක් හා යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලක්ද පිහිටා තිබීම හේතුවෙන් අදාළ ප්‍රදේශ පුරා විශාල ප්‍රමාණයක් බිම්බෝම්බ වළලා ඇති බවද ඩෑෂ් සංවිධාන නියෝජිතයෝ ඇමෙරිකානු නියෝජිතයන්ට පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon