මහනුවර ඇඟලුම්හලක සේවිකාවන් සියයක් ආහාර විස වී රෝහල්ගත කරලා

  👤  3542 readers have read this article !
By mawbima 2017-10-13

සෙංකඩගල - සිසිර ජේ. පීරිස්, නදීක දයා බණ්ඩාර - මහනුවර, චමින්ද කුමාර

මහනුවර - හාරගම ප්‍රදේශයේ නිමි ඇඟලුම් ආයතනයක සේවය කරන සේවිකාවන් පිරිසක් එම ආයතනය විසින් සැපයූ උදෑසන ආහාරයේ යම් විස වීමේ තත්ත්වයක් මත එම සේවිකාවන් සියයකට ආසන්න පිරිසක් පෙරවරු දහයට පමණ මහනුවර මහ රෝහලට ඇතුළු කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එම රෝහලේ දැඩි සත්කාර වාට්ටුවේ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසීය.

ආයතනයේ සේවකයෙක් පැවැසුවේ සහෝදර සේවිකාවන් සියයකට ආසන්න පිරිසක් රෝහලට ඇතුළු කළැයි පැවැසුවත්, රෝහල් ප්‍රකාශකයා නාම ලේඛනය පරීක්ෂා කොට රෝගීන් 66 දෙනකු දැඩි සත්කාර ඒකකයෙන් මූලික ප්‍රතිකාර කොට අදාළ වාට්ටුවලට පිටත් කළ බවත්ය.

ආයතනයෙන් සපයන ලද කෑමවේලට මෙදින ලැබුණ බත් හා මාළුවල යම් විසවීමක් වුණා දැයි තමන් සිතන බව නම හෙළි කිරීමට අකැමැති වූ රෝගී තරුණියක් පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්