වවුනියාව ග්‍රාම නිලධාරිගේ සේවය සාධාරණ නොවීම ගැන ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා

  👤  3622 readers have read this article !
By mawbima 2017-10-13

මඩුකන්ද - දීපාල් බණ්ඩාර

වවුනියාව තෝනික්කල් හා තේක්කවත්ත ප්‍රදේශයේ වැසියන්ට ග්‍රාම සේවකවරයාගෙන් සාධාරණයක් ඉටු නොවන බවත් ගමේ සංවර්ධනයට කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් පවසමින් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
විරෝධතාකරුවන් වැඩිදුරටත් සඳහන් කළේ මෙතෙක් රජයෙන් ලැබුණු කිසිදු සංවර්ධන වැඩසටහනක් තමන් ජීවත් වන ප්‍රදේශවල ක්‍රියාත්මක නොවූ බවත් ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් පවා වෙනත් ගම්මානවල ක්‍රියාත්මක වන බවය.

විරෝධතාව අතරතුර එම ස්ථානයට පැමිණි වවුනියාව දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා වෙත විරෝධතාකරුවෝ පෙත්සමක්ද ඉදිරිපත් කළහ. අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසුවේ මේ සම්බන්ධයෙන් සොයා බලා සාධාරණයක් ඉටුකර දීමට කටයුතු කරන බවයි.

එම පිළිතුරුට සෑහීමකට පත් නොවූ විරෝධතාකරුවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්තාවක් ඇති කිරීම හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය ලබා ගැනීම සඳහා පැමිණි මහ ජනතාවට සිදුවූ අපහසුතාව හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට වවුනියාව පොලිසියට සිදුවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon