ඉමේෂාට නව නිවසක්

  👤  3616 readers have read this article !
By mawbima 2017-10-13

තමන් සමඟ නිවැසියන් හයදෙනකු වාසය කළ නිවෙස කඩා වැටීම පිළිබඳවත්, කුලී වැඩ කරන තම පියාට නිවෙස ඉදිකිරීමට හැකියාවක් නොමැති බවත් හැඬු­­ කඳුළින් පැවැසූ පාසල් සිසුවියකගේ දුක්බර කතාව 2017.09.20 වැනි දින 'මව්බිම' පුවත්පත මඟින් හෙළි කිරීමෙන් අනතුරුව සිද්ධිය දුටු කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මයකු නව නිවෙසක් තනාදීමට භාරගෙන ඒ සඳහා මුල්ගල් තැබීම පසුගිය 6 වැනි දින සිදු කෙරිණි.

වැලිවිටිය, දිවිතුර, සන්සයිඩ් වත්ත ගම්මානයේ පදිංචි ඉමේෂා ගයානී නම් වූ ඇගේ නිවෙස තනාදීමට භාරගෙන තිබුණේ සිය අනන්‍යතාව මාධ්‍ය මඟින් හෙළිකිරීමට අකමැතිවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මයෙකි. සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිවෙසේ සියලු ඉදිකිරීම් කටයුතු නිම කර දීමට ඒ මහත්මයා පොරොන්දු වී තිබිණි.
සැබෑ ජනතා මෙහෙවරක් ඉටු කරන 'මව්බිම' පුවත්පත වෙත සිය ප්‍රණාමය පළ කරන බව ඒ මහත්මා මෙන්ම ඉමේෂා දියණිය ඇතුළු නිවැසියන් හා ප්‍රදේශවාසීහු පවසති.
වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්