විද්‍යා, තාක්‍ෂණ හා නවෝත්පාදන හා සාකච්ඡාමය සම්මන්ත්‍රණය

  👤  3550 readers have read this article !
By mawbima 2017-10-13

හර්ෂණී අර්සකුලරත්න

විද්‍යා, තාක්‍ෂණ හා නවෝත්පාදන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී එම කාර්යයන් ඵලදායීව සහ කාර්යක්‍ෂමව සිදු කර ගැනීමට විද්‍යාඥයන්, තාක්‍ෂණවේදීන් සහ වෘත්තිකයන් සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දීමත්, ක්‍රමෝපායීකරණය හරහා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් කෙරෙහි අවධානය යොමු කළ සාකච්ඡාමය සම්මන්ත්‍රණයක් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.
ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අදහසකට අනුව විද්‍යා, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධානය කළ මෙය 'විද්‍යා, තාක්‍ෂණ හා නවෝත්පාදන සාකච්ඡාමය සම්මන්ත්‍රණය' ලෙස නම් කර තිබිණි.

ක්‍රමෝපාය හරහා ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම මේ සම්මන්ත්‍රණයේ තේමාව විය. මූලික තේමාව යටතේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රමෝපායීකරණය සහ පාලන තන්ත්‍රයේ භූමිකාව, විද්‍යා, තාක්‍ෂණ හා නවෝත්පාදනය පිළිබඳ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රමෝපායීකරණය, ඉඊඡ්ර් අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ක්‍රමෝපායීකරණය යන මාතෘකා යටතේ වෙන් වෙන් වශයෙන් විද්වත් මණ්ඩල සාකච්ඡාවන් පැවැත්විණි.

රජයේ ඉලක්කය වන ඉහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයට පත්කිරීමේ අරමුණු ජය ගැනීමේදී මෙරට කෘෂි කාර්මික සම්පත්, ඛනිජ සම්පත් වැනි ස්වාභාවික සම්පත්වලට අමතර අගයක් එකතු කිරීම තුළින් එම සම්පත්වල වටිනාකම ඉහළ දැමීමට හැකියාව ලැබේ.

සම්මන්ත්‍රණය පැවැත්වෙන අතරවාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හදිසියේම සම්මන්ත්‍රණයට එක්වීම විශේෂත්වයක් විය. විද්‍යා, තාක්‍ෂණ හා නවෝත්පාදන ක්‍ෂේත්‍රයේ විද්වතුන් විසින් ක්‍ෂේත්‍රයේ පවතින විෂයානුබද්ධ ගැටලු රැසක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර ඊට සවන්දී පිළිතුරු කතාවත් ඉදිරිපත් කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්