කෝටි දෙකක කේරළ ගංජා උතුරු මුහුදෙන්

  👤  3656 readers have read this article !
By mawbima 2017-10-13

මුලතිව් - ශෂිකුමාර්,
ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනය - වැල්වැටිතුරෙයි මුහුදු තීරයේ පාවෙමින් තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 153 ග්‍රෑම් 700ක ප්‍රමාණයක් නාවික හමුදාව විසින් පෙරේදා (11දා) රාත්‍රියේදී සොයාගෙන ඇත.

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක නාවික සෙබළුන් පිරිසකට අදාළ කේරළ ගංජා තොගය අඩංගු ඇසුරුම් 44ක් මුහුදේ පාවෙමින් තිබියදී හමු වී ඇත.
ඉන්දියාවේ සිට කේරළ ගංජා තොගය ධීවර යාත්‍රා මඟින් ගෙනැවිත් මෙරට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි නාවික හමුදා නිලධාරීහු සැකපළ කරති.
කේරළ ගංජා තොගය ඊයේ (12දා) උදෑසන නාවික හමුදා නිලධාරීන් විසින් කන්කසන්තුරෙයි පොලිසිය වෙතට භාරදීමට පියවර ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්