බැංකු කොල්ලය ගැන සොයන්න තායිවානයෙන් ඇවිත්

  👤  3739 readers have read this article !
By mawbima 2017-10-13

චාමර අමරසූරිය

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.104ක මුදලක් වංචා කර ඇමෙරිකානු ඩොලර් 11,03,960ක මුදලක් මෙරට බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තායිවානයේ සිට විශේෂ නියෝජිතයන් තිදෙනකු පෙරේදා (11දා) රාත්‍රියේ මෙරටට පැමිණ තිබේ.

අදාළ බැංකුවේ නිලධාරියකු සහ තවත් එරට විමර්ශකයන් දෙදෙනකු මෙලෙස මෙරටට පැමිණ ඇත.
එම නිලධාරීන් ඊයේ (12දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් දැනට සිදු කළ විමර්ශනවල කරුණු අධ්‍යයනය කර ඇත.
මෙම මහා පරිමාණ මුදල් ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ජනක චමින්ද නම්මුනි සහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ යන සැකකරුවන්් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ අනෙක් සැකකරුවන් සහ ඊට යොදා ගත් පරිගණක, ජංගම දුරකතන සොයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. එසේම මෙම ජාවාරමේ මුදල් ලබා ගත් ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු සොයා පොලිස් විමර්ශන කටයුතු ආරම්භ වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් "මව්බිම" කළ විමසුමකදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon