කටුනායකට තද වැසි: යානා දෙකක් මත්තලට බස්සයි

  👤  2499 readers have read this article !
By mawbima 2017-10-12

කටුනායක _ ගයා තිරිමාදුර

කටුනායක ප්‍රදේශයට ඊයේ (11දා) දහවල් පැවැති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට පැමිණි ගුවන්යානා දෙකක් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
මෙයින් පළමුවැන්න ඉන්දියාවේ චෙන්නායි සිට දහවල් 11.20ට කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. _ 122 දරන යානයයි.
අනෙක් ගුවන් යානය වූයේ ෂී ෂෙල්ස් සිට දහවල් 11.25ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -708 දරන ගුවන් යානයයි.

මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා දෙක දහවල් 12.00ට පමණ එහි ළඟා වූ අතර එම ගුවන්යානාවලින් මගීන් බැස්සවීම සිදු නොකර තබා ගැනීමට කටයුතු කළ එම ගුවන්තොටුපොළ බලධාරීන් යළිත් එම ගුවන්යානා දෙක දහවල් 12.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් කර එවා තිබිණි.
මෙම ගුවන් යානා දෙක දහවල් 1.15ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

මෙම ගුවන්යානා දෙක තුළ මගීන් 285ක් හා ගුවන්යානා කාර්යය මණ්ඩලය 30ක් පමණ සිටි බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවැසීය.
ඊයේ දහවල් 12.30 පමණ වන විට කටුනායක ගුවන්තොටුපොළ අවට කාලගුණික තත්ත්වය යහපත් වූ බැවින් ගුවන්තොටුපොළේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම ඇරැඹිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon