නාමල්ගෙන් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිවරියට ට්විටර් පණිවිඩයක්

  👤  2430 readers have read this article !
By mawbima 2017-10-12

ඉෂාරා සිල්වා

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවැරීමට විරෝධය පළ කරමින් හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය මුල් කරගනිමින් තමන් ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

ඔහු එම ට්විටර් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයේ යෙදුණු තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනිමින් විපක්ෂයේ හඬ වැළැක්වීමට පොලිසිය කටයුතු කරන බවයි.

පෙරේදා (10දා) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සටහන් කර ඇති මෙම ට්විටර් පණිවිඩය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපතිවරිය වෙතද යොමුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්