විද්‍යා ඝාතකයෝ නඩු තීන්දුවට අභියෝග කරති

  👤  2781 readers have read this article !
By mawbima 2017-10-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ පුංකුඩුතිව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක්කොට ඝාතනය කිරීමේ වරදට යාපනය මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් හත් දෙනා වෙනුවෙන් එම නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පෙරේදා (10දා) ඇපෑලක් ගොනු කොට තිබේ.

දඬුවම් නියම වූ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ඔවුන්ගේ ඇපෑල මඟින් පෙන්වා දී ඇත්තේ විද්‍යා දැරියගේ ඝාතනයට මෙම පිරිස සම්බන්ධ නොමැති බවයි.
වෙනත් පිරිසක් විසින් සිදුකරන ලද මේ අපරාධය බලහත්කාරයෙන් මේ පිරිස වෙත පටවා ඇති බව කියන නීතිඥවරු එම කරුණු සැකයකින් තොරව ඔප්පු කිරීම පිණිස අවශ්‍ය සාක්කි හා තොරතුරු ඇති බව ද කියා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්