AM-RK ලිපිගොනු බාර දෙන්න ඇලෝසියස්ටයි තාත්තාටයි නියෝග

  👤  2501 readers have read this article !
By mawbima 2017-10-12

කමල් මහේන්ද්‍ර වීරරත්න

හිටපු මහ බැංකු අධිපතිවරයා හා හිටපු මුදල් ඇමැතිවරයා විසින් ඒ ඒ දිනවලදී ඉටු කළ යුතු කාර්යයන් දක්වමින් අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගොස් ඇති බවට කොමිසම හමුවේ අනාවරණය වූ "ඒර්" හා "අම්" ලෙස නම්වූ ඊර්ණී-ච්ර්ණී ලිපිගොනු දෙක වහාම කොමිසමට බාර දෙන ලෙසට අර්ජුන් ඇලෝසියස්ට හා ඔහුගේ පියා වන පර්පචුවල් ට්‍රෙෂරීස් සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට නොතීසි නිකුත් කළ බව බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම ඊයේ (11දා) ප්‍රකාශ කළේය.

තවද එම ලිපිගොනු දෙක නඩත්තු කරන ලද තැනැත්තා බවට කොමිසම හමුවේ අනාවරණය වී ඇති අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික සේවා සහකාර ස්ටීව් සැමුවෙල් හටද මෙම නියෝගය කරනු ලැබ තිබූ අතර ඔහුගේ නීතිඥ ජීවන්ත තිලකරන්ත ඊයේ (11දා) කොමිසමට ප්‍රකාශ කර සිටියේ එම ලිපිගොනු දෙක ඔහු භාරයේ නොමැති බවට ඔහු තමාට උපදෙස් දෙන ලද බවය.

ඒ අනුව කොමිසම නීතිඥවරයාට දන්වා සිටියේ එසේ නම් එම ලිපිගොනු ඇත්තේ කාගේ භාරයේද යන්න දිවුරුම් ප්‍රකාශයක් මඟින් කොමිසමට දැනුම් දෙන ලෙසය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon