ශලීල ලිට්රෝ සභාපතිකමින් ‍ෙදාට්ට

  👤  2489 readers have read this article !
By mawbima 2017-10-12

චාමර අමරසූරිය

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරන ලෙසට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහතාට නියෝග කර තිබේ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ශලීල මුණසිංහ මහතාව අත්අඩංගුවට ගැනීමත් සමඟ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

ලේකම්වරයා මෙලෙස කටයුතු කර තිබෙන්නේ ලිට්රෝ ගෑස් සමාගම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව මඟින් පරිපාලනය වන සමාගමක් වන බැවිනි. මුණසිංහ මහතාගේ තනතුර අත්හිටුවීමෙන් ඇති වන පුරප්පාඩුව සඳහා වැඩබලන සභාපතිවරයකු පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද අදාළ අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා වැඩිදුරටත් දන්වා තිබේ.

මෙම මුදල් ලබා ගැනීම සිදු වී ඇත්තේ ලංකා බැංකුවට අයත් ගිණුමකින් බැවින්, ලිට්රෝ සමාගම සම්බන්ධයෙන් මෙන්ම, ලංකා බැංකුව සම්බන්ධයෙන් ද සිදුවන සියලුම නීතිමය කටයුතු සඳහා අමාත්‍යාංශයේ සියලු සහයෝගය ලබා දෙන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ලේකම්වරයාට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති අතර අමාත්‍යාංශ මට්ටමෙන්ද මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් කරන ලෙස ද අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.
ලිට්රෝ සමාගම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්වන විටත් මුණසිංහ මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර ඒ මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ දින 100 ආණ්ඩුව යටතේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon