තහනම් උත්තේජකවලට වැට බඳින්න ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්c

  👤  2414 readers have read this article !
By mawbima 2017-10-12

දෙනගම ධම්මික රණවීර

තහනම් උත්තේජකවලින් තොර ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එමෙන්ම තහනම් උත්තේජක භාවිතය පිළිබඳ පරීක්‍ෂා කිරීම් ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමේ පහසුකම් ඇති කිරීම සඳහාද අවශ්‍ය අරමුදල් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය වෙත ලබා දීමටත් නියමිතය. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා (10දා) කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව ඉදිරියේදී ජාතික හා පාසල් මට්ටමේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට, ඔවුන්ගේ මවුපියන්ට, ක්‍රීඩා පුහුණුකරුවන්ට හා ක්‍රීඩා කළමනාකරුවන්ද තහනම් උත්තේජක පිළිබඳව දැනුවත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්