ජනගහන සංවර්ධනය පිළිබඳ ආසියානු මන්ත්‍රි සංසදයේ රැස්වීමට රටවල් 30කින් නියෝජිතයෝ

  👤  2481 readers have read this article !
By mawbima 2017-10-12

හර්ෂනී අර්සකුලරත්න, ඡායාරූප: අශාන් ගමගේ

ජනගහනය සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රි සංසදයේ 12 වැනි මහ සභා රැස්වීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත්දා පැවැත්විණි. ආසියානු රටවල් 30කින් පැමිණි මහජන නියෝජිතයන් 70කට අධික පිරිසක් හා මෙරට මැති ඇමැතිවරුන් 20කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ සමුළුව පැවැත්විණි.

මේ මහ සභා රැස්වීමේදී සාමාජික රටවල ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත හා දැනට ක්‍රියාත්මක කර ඇති නව අණ පනත් පිළිබඳ ඒ ඒ රටවල නියෝජිතයන් විසින් මහ සභාව දැනුවත් කෙරිණි.
මීට අමතරව මේ සමුළුවේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, වැඩිහිටි ජනතාව රටක සංවර්ධනයට දායක කර ගැනීම, තාරුණ්‍ය ආයෝජනය වැඩිදියුණු කිරීම යන කරුණු පිළිබඳවද දැඩි අවධානයක් යොමු කෙරිණි.

සමුළුව පැවැත්වූයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීය.
සංවර්ධනය හා ජනගහනය පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංසදයේ සභාපති සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක, මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා, ආචාර්ය සරත් අමුණුගම ඇතුළු පිරිසක් එහිදී දේශන පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon