බස්නාහිර, සබරගමු, වයඹ සහ උතුරේ ඩෙංගු පැතිර යන අවදානමක්

  👤  2490 readers have read this article !
By mawbima 2017-10-12

නුවන් හෙට්ටිආරච්චි

බස්නාහිර, සබරගමු, වයඹ සහ උතුරු පළාත්වල ඩෙංගු උණ රෝගය පැතිර යෑමේ අවදානමක් පවතින නිසා මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම්දී තිබේ.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 190ක් පරීක්ෂා කර මදුරුවන් බෝවන ස්ථාන 10,128ක් හඳුනා ගැනීමටත් පසුගිය සැප්තැම්බර් 20දා සිට 27දා දක්වා ක්‍රියාත්මක කළ ජාතික මදුරු මර්දන සතියේදී හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි. බස්නාහිර පළාත තුළ ගෘහස්ථ මට්ටමේ මදුරුවන් බෝවිය හැකි ස්ථානයන්හි සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබුණද ඉදිකිරීම් පරිශ්‍ර, ආගමික ස්ථාන, ආයතන සහ පාසල් පරිශ්‍රයන්හි මදුරුවන් බෝවන ස්ථාන තවදුරටත් එසේම පැවැතීම විශාල අභියෝගයක් බවද සඳහන් කරන අමාත්‍යවරයා පාසල් හෝ සේවා ස්ථානයන් තුළ ඩෙංගු රෝගියකු වාර්තා වුවහොත් අවශ්‍ය රෝග මර්දන ක්‍රියාකාරකම් හා වසංගත තත්ත්වයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති බවද කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon