යහපාලන ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර නැහැ

  👤  2507 readers have read this article !
By mawbima 2017-10-12

යහපාලන ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂ සන්ධාන දෙකම මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවලින් 75%ක්ම ඉටුකර නොමැති බව ථචදබඩපඪ.තඬ වෙබ් අඩවිය සඳහන් කරයි. යහපාලන ආණ්ඩුව මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු පිළිබඳ 'මැතිවරණ පොරොන්දු නිරීක්‍ෂකය' පෙරේදා (10දා) ලක්‍ෂ්මන් කදීර්ගාමර් ආයතනයේදී ජනගත කිරීමේදී මේ බව අනාවරණය කෙරිණි.

යහපාලනය සඳහා වූ එ.ජා.පෙ. පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය සියයට 25ක් වන විට එ.ජ.නි.ස. පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය සියයට 20කි. පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ දැමීම, ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ලබා ගැනීම, යුරෝපා සංගමයේ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්‍ෂණ කමිටු පිහිටුවීම, එ.ජා.පෙ. ඉටුකළ ඉහළ ප්‍රමිතියකින් යුත් පොරොන්දු ලෙස ථචදබඩපඪ.තඬ වෙබ් අඩවිය සඳහන් කරයි.

එ.ජ.නි.ස. සන්ධානය ඉටුකළ ඉහළ ප්‍රමිතියක් සහිත පොරොන්දු ලෙස එම අඩවිය දක්වා ඇත්තේ ජාතික ආර්ථික උපදේශන සභාව පිහිටුවීම, ජාතික තිරසර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සහ වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීම යනාදියයි. පාර්ශ්ව දෙකම පොරොන්දු වූ පරිදි තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ඇති අතර ජාතික විගණන පනත සම්මත කිරීම තවදුරටත් ප්‍රමාද වීම දැඩි පසුබෑමක් බව එම වෙබ් අඩවිය අවධාරණය කරයි. පක්‍ෂ සන්ධාන දෙකම ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන අතර එ.ජා.පෙ. සියයට 25ක පමණ ඉහළ ප්‍රතිශතයක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇති බවත් එ.ජ.නි.ස.ය සියයට 20ක පමණ ඉහළ ප්‍රතිශතයක් සහිත ප්‍රතිපත්ති ඉදිරිපත් කර ඇති බව 'මැතිවරණ පොරොන්දු නිරීක්‍ෂකය' ජනගත කිරීම අවස්ථාවේදී සඳහන් විය.

• ජාතික විගණන පනත තවදුරටත් ප්‍රමාද වීම ගැන විද්වත් සභාවේ අදහස දැනගන්න කැමැතියි.
විජිත හේරත්:
මහ මැතිවරණයට කලින් දින සියය වැඩසටහන මඟින් තමයි විගණන පනත ගෙන එන්න යෝජනා කළේ. නමුත් අවුරුදු තුනක් ගතවෙලත් එම පනත සම්මත කරගන්න මේ යහපාලන ආණ්ඩුවට බැරිවෙලා තිබෙනවා. හැබැයි ස්වාධීන විගණන පනත සඳහා වන කොමිෂන් පත් කරලා ඒ අයට පඩි ගෙවල මුදල් නාස්තියක් තමයි සිදුවෙලා තියෙන්නේ.
• ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්නය ගැන කතා කරනවා විතරයි. විගණන පනතට මොකක්ද දුන් දායකත්වය?
පනත ගැන අපේ පක්‍ෂය දිගින් දිගටම ප්‍රශ්න කළා. රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න මෙවැනි පනතක් අවශ්‍යයි. මේ වන විටත් පනත සකස් කර අවසන්. කැබිනට් එක තමයි පනත කල් දමමින් ඉන්නේ.
• විජිත හේරත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරනවා මේ ආණ්ඩුව ඕනකමින් පනත සම්මත කිරීම කල් දමනවා කියලා?
දුමින්ද දිසානායක:

කියන තරම් පහසුවෙන් මේ වගේ පනත් සම්මත කරන්න අමාරුයි. රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න ගේන මේ පනත් දුර්වල වුණොත් රාජ්‍ය සේවය කඩා වැටෙන්න පුළුවන්. ප්‍රශ්නය: මැතිවරණ ප්‍රචාරණය සඳහා වන වියදම් පාලන නීති සම්පාදනය ප්‍රමාදයි නේද? විද්වත් සභාවේ අදහස දැනගන්න කැමැතියි.
විජිත හේරත්:

මේ සඳහා හොඳම ආදර්ශය ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් ලබාදී අවසන්. වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට ලබාදුන්නා. ඒ නිසයි පසුගිය කාලයේ ලංකාවේ පොහොසත්ම පක්‍ෂය ජවිපෙ කියලා නම් වුණේ.
සිදත් මෙන්ඩිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon