මැදමුලන නිකායේ මහින්ද පාර්ශ්වය රට ගිනි තියනවා

  👤  2480 readers have read this article !
By mawbima 2017-10-12

යහපාලන ආණ්ඩුව රණවිරුවන් යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කරනවා යැයි මහින්ද, ගෝඨාභය, නාමල් පන්සලක් පන්සලක් ගාණේ යමින් කිඹුල් කඳුළු හෙළනවා.

ඒ අතරතුර බැසිල් උතුරට ගිහින් නල්ලූර් කෝවිලත් වැඳ පුදාගෙන ආරක්ෂක අංශවලින් යුද සමයේ යම් යම් අපරාධ සිදු වී ඇතැයි වෙනත් කතාවක් කියනවා. බල තණ්හාව නිසා රාජපක්ෂවරු ඇට නැති දිව හැරෙන හැරෙන අතට පාවිච්චි කිරීම සිනහවට කරුණකැයි ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ සඳහන් කළේ කුරුවිට පැරඩයිස් පෙදෙසේ ජාතික වැවිලි මානව සම්පත් භාරය කාර්යාලයේ පැවැති උත්සව සභාවක් අමතමිනි.
මෙහිදී නියෝජ්‍ය ඇමැති ගන්කන්ද මහතා සඳහන් කළේ ලබන වසරේ මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බවය.

මේ රටට සාපයක්ව පැවැති මනාප ක්‍රමය අවසන් කිරීමට අපට හැකි වුණා. මනාප ක්‍රමය අවසන් කිරීමත් කොට්ඨාසයකට වග කියන මහජන නියෝජිතයකු තෝරාපත් කර ගැනීමටත් වත්මන් ආණ්ඩුව ගෙන ආ මැතිවරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හරහා නව මාවතක් විවෘත වුණා. මේ වැඩපිළිවෙළ මේ රටේ නව දේශපාලන සංස්කෘතියක ආරම්භය හැටියට සලකන්න පුළුවන්. නව ක්‍රමය යටතේ අපේක්ෂකයකු විශාල මුදලක් වපුරන්න ඕනි නැහැ. පෝස්ටර් කටවුට් පොලිතින් සැරසිලි වැනි අහිතකර බලපැම් අවම වෙනවා. අපේක්ෂකයන්ගේ මුහුණත් තහඩු ගහක් ගලක් ගාණෙ දකින්න ලැබෙන මජර දේශපාලන සංස්කෘතියට නව දේශපාලන ක්‍රමය හරහා තිත තබන්න පුළුවන් වේවි. සීමිත මැතිවරණ කොට්ඨාසයක සරල මැතිවරණ ක්‍රමයට මුහුණ දෙමින් ගමින් ගම මෙතෙක් පැවැති ඡන්දය වෙනුවෙන් මිනිසුන් කා කොටා ගන්නා නරුම දේශපාලන සංස්කෘතිය වෙනුවට මිනිසුන් වෙනුවෙන් වැඩ කරන මිනිස්සු සමඟ ගැවසෙන සැබෑ මිනිසුන් මේ නව ක්‍රමය හරහා මහජන සේවයට කැපවීමට ඉඩකඩ ලැබේවි.

බැසිල් උතුරේදී පැවැසුවේ යුද සමයේ ආරක්ෂක අංශවලින් යම් යම් අපරාධ සිදු වී ඇති බවයි. උතුරේ වැසියන්ගෙන් හමුදා කඳවුරු සඳහා පවරා ගෙන ඇති ඉඩම් යළි උතුරේ ජනතාව අතට පත් කළ යුතු යැයිද බැසිල් සඳහන් කළා. හැබැයි බැසිල් කළ ඒ ප්‍රකාශය සරත් ෆොන්සේකා මහතා හෝ යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයකු ප්‍රකාශ කළා නම් මේ වන විට රාජපක්ෂ පාර්ශ්වයේ මැදමුලන නිකාය රටම ගිනි තියලා. බල තණ්හාව නිසා රාජපක්ෂවරුන්ට කළ නොහැකි දෙයක් නැහැ. ඔවුන්ගේ ඇට නැති දිව පන්සලේදී එකක් කියලා කෝවිලේදී ඊට ඉඳුරාම වෙනස් එකක් කියනවා. පල්ලියට ගියාම ඔවුන් කියන්නේ ඒ දෙපොළේදීම කිව්වාට වඩා වෙනස් කතාවක්.

ලක්ෂ්මී ජයකොඩි,

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්