ගමන් මල්ලේ සඟවාගෙන වල්ලපට්ටා ගෙන යන්න හැදූ කුවේට් ජාතිකයා රේගු දැලේ

  👤  2427 readers have read this article !
By mawbima 2017-10-12

කටුනායක - ගයා තිරිමාදුර

වල්ලපට්ටා තොගයක් නීති විරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් බලා රැගෙන යෑමට තැත් කළ 57 හැවිරිදි කුවේට් ජාතිකයකු ඊයේ (11දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ

ආරක්‍ෂක නිලධාරීන් විසින් රේගු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
මෙම කුවේට් ජාතිකයා ඊයේ (11දා) අලුයම 4.40ට පමණ තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව යන ගුවන් යානයකින් ව්‍යාපාරිකයන් උදෙසා කටුනායක ගුවන්තොටුපොළේ විවෘතව පවතින 'සිල්ක් රූට්' (ඉඪතඬ අධභබඥ) ඔස්සේ ගමන් ගනිමින් සිටියදී ගුවන්තොටුපොළ
ආරක්‍ෂක නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම වල්ලපට්ටා තොගය සොයාගෙන තිබිණි.

එහි වූ වල්ලපට්ටා තොගයේ බර කිලෝ 4යි ග්‍රෑම් 500ක් වූ අතර ඒවායේ වටිනාකම රුපියල් 1,54,000ක් බව රේගුව පවසයි.මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්‍ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ එම්.ඒ. කරුණාරත්න මහතා විසින් පැවැත්වූ අතර එහිදී රැගෙන යෑමට තැත් කළ වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර, මෙම කුවේට් ජාතිකයාට අවවාද කර නිදහස්
කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්