අකුණු සර වැදී ගොවියෙක් මරුට

  👤  2506 readers have read this article !
By mawbima 2017-10-12

හිඟුරක්ගොඩ - ප්‍රියා

පොළොන්නරුවට පෙරේදා (10දා) පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ අරලගංවිල අලවාකුඹුර වෙල්යායේ සිටි ගොවියකුට අකුණු සැර වැදී මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අංක 78-ඩී මුල්ගල කොටස පිඹුරැත්තෑව අරලගංවිල පදිංචි අංගිලිපට්ටිගේ සුගතපාල (61) යන අයයි. මියගිය අය තම ගොවිබිමේ වැඩකරමින් සිටියදී අකුණු සැර වැදී අරලගංවිල රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත. වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලිසිය පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon