වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කළාට ඇමැති ඒකනායකට එරෙහි පරීක්ෂණ

  👤  2448 readers have read this article !
By mawbima 2017-10-12

කේ.එස්. උදයකුමාර්

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

එම කොට්ඨාසය මඟින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත්තේ රාජ්‍ය ඇමැති ටී.බී. ඒකනායක මහතා සංස්කෘතික කටයුතු භාර ඇමැතිවරයා ලෙස ක්‍රියා කළ අවධියේ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කර තිබෙන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි.
මීට අදාළව ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇතැයි සඳහන් කළ පොලිසිය ඒ ඔස්සේ ඉදිරි පරීක්ෂණ පවත්වන බවද අධිකරණයට දැනුම් දී ඇත.
පරීක්ෂණ වාර්තාව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පරික්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණය වෙත වාර්තා කරන ලෙස ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්