අඹුකමට ගන්න පැහැරගෙන ගොස් 15 වියැති දැරිය මරා දැමූ තිදරු පියාට මරණ දඬුවම

  👤  2547 readers have read this article !
By mawbima 2017-10-12

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්

පැහැර ගෙන ගොස් මාස තුන හතරක් පවුල් කෑ පහළොස් හැවිරිදි වියේ පසුවූ බාල වයස්කාර දැරියකට අමානුෂික ලෙසින් පහරදී ඇගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ තිදරු පියකුට හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා පෙරේදා (10දා) මරණ දඬුවම නියම කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් පුද්ගලයකු නිදහස් කිරීමට මෙහිදී විනිසුරුවරයා නියම කළේය. නිදහස ලැබුවේ මරණ දඬුවම නියම වූ විත්තිකරුගේ අයියා බවත් වාර්තා වේ.

මරණ දඬුවම නියම වූයේ රාජාංගණය පහළ මාරගහවැව පදිංචි රන්කොත් පේඩිගේ නිශාන්ත ප්‍රේමරත්න නමැති 42 හැවිරිදි අයෙකි.
2005 වසරේ පෙබරවාරි මස 15 වැනි හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මහාධිකරණ බල ප්‍රදේශයේ මාරාවිල මහවැව වීහේන ගමේදී වර්ණකුලසූරිය තිලිනි නිරෝෂනී ප්‍රනාන්දු (15) නමැති දැරියගේ මරණය සිදු කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබිණි.
විත්තිකරුවන් දෙදෙනාට වෙන වෙනම අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් තමන් නිවැරැදිකරුවන් බව වෙන් වෙන් වශයෙන් පවසා සිටි පසු ජූරි සභාවකින් තොරව නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය විය.

හලාවත කරවිටාගාරේ පදිංචිකරුවන් වන විත්තිකරුවන් පොල් ගස් මදින්නන් ලෙස රැකියාව කළ අතර පසුව පළමු වන විත්තිකරු වන නිශාන්ත ප්‍රේමරත්න නාත්තණ්ඩිය අක්කර 50 ප්‍රදේශයේ පදිංචි විවාහක දෙදරු මවක සමඟ අනියම් ඇසුරක් පවත්වා පසුව ඇගේ අක්කර 50 පිහිටි නිවෙසෙහි පදිංචියට පැමිණි බවත් ඔවුන්ට දාව එම අනියම් බිරිය දියණියක බිහි කළ අතර පසුව අනියම් බිරියගේ කලින් විවාහයේ එවකට 15 වැනි වියේ පසු වූ දැරිය පළමුවැනි විත්තිකරු විසින් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇති අතර සොයා බැලීම් සිදු කළත් දැරිය සොයා ගැනීමට නොහැකිවූ බවත් සාක්කිවලින් හෙළිවී ඇත.

ඒ අතර මෙම සිද්ධියෙන් පසු දැරියගේ නිවෙසට පැමිණ මාරාවිල පොලිසිය දැරිය මරා දමා තිබියදී සොයා ගෙන සිරුර මාරාවිල මූලික රෝහලේ තබා ඇති බවත් මිය ගිය දැරිය ඇගේ නිවෙසින් පැහැර ගෙන ආ පළමුවැනි විත්තිකරු ඇය සමඟ වීහේන නිවෙසක පදිංචියට පැමිණ එම වත්තේ රා මදිමින් ජීවත් වී පවුල් ජීවිතයක් ගත කර ඇති බවත් හෙළි විය.

මේ අතර දෙවැනි විත්තිකරු ද එම නිවෙසේ පදිංචියට පැමිණ ඇති අතර ආහාර පිසීම දැරිය පමා කිරීම නිසා කෝපයට පත්ව පළමුවැනි විත්තිකරු ඇයට පොල් මල් තළන මිටියෙන් පහර දී ඇති බවත් පසුව ඇය ගෙල වැල ලාගෙන සියදිවි නසා ගෙන ඇති බවත් හෙළිවී තිබේ.

විත්තිකරුවන් දෙදෙනා විත්තිකූඩුවේ සිටම ප්‍රකාශයක් දෙමින් තමන් මෙම මරණය සිදු නොකළ බවට ප්‍රකාශයන් දී ඇත. මෙහිදී දෙවැනි විත්තිකරු මෙම මිනීමැරුමට සම්බන්ධ වී ඇති බවට කරුණු හෙළි නොවූ බැවින් ඔහු නි‍ෙදාස් කළ විනිසුරුවරයා පළමුවැනි විත්තිකරු මිනීමැරීමේ චෝදනාවට වරදකරු වී ඇති බැවින් මරණ දඬුවම නියම කළේය.
රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර මාරාවිල පොලිසිය වෙනුවෙන් කොස්තාපල් ජේ. එම්. එන්. ජයවර්ධන (49437) මහතා පෙනී සිටියේය. නීතිඥ සමන්ත ප්‍රනාන්දු මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

මෙම අපරාධය කිරීමෙන් පසු මහාධිකරණයෙන් ඇප ලබා සිටි පළමුවැනි විත්තිකරු නීත්‍යනුකූල විවාහයක් සිදුකරගෙන ඇති බවත් එහිදී ඔහු දියණියන් දෙදෙනකුගේ පියකු වී ඇති බවත් හෙළි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්