ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මොහු හඳුනනවා නම් දන්වන්න

  👤  2499 readers have read this article !
By mawbima 2017-10-12

කොටුව පොලිස් වසමේ සී.ටී.ඕ. හන්දිය අසලදී වාහනයක ගැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පදිකයකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය පතයි.

ඉකුත් මාර්තු 11දා මෙම තැනැත්තා තුවාල ලබා ඇති අතර දැනට ඔහු ඇඳ හිස් අංක 103124 යටතේ ජාතික රෝහලේ 75 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
මෙම තැනැත්තාගේ නම විල්සන් ලෙසත් ගම කහටපිටිය ලෙසත් ඔහුගේ විචාරණයෙන් තේරුම් ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මෙම තැනැත්තා පිළිබඳ තොරතුරු වෙතොත් පහත දුරකතන අංකවලට දන්වන ලෙසද පොලිස් මූලස්ථානය මහජනතාවගේ ඉල්ලා සිටී.
කොටුව පොලිසියේ ස්ථානාධිපති - 011-2433744 / 011-2433110
පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය - 011-2436161

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්