දෙරටේ මිත්‍රත්වය නව මානයකට රැගෙන එනවා - ආර්ථික කටයුතු ඇමැති මිකා ලින්ටිලැ

  👤  2505 readers have read this article !
By mawbima 2017-10-12

ශ්‍රී ලංකාව සහ පින්ලන්තය අතර ආර්ථික සබඳතා වර්ධනය කිරීමටත්, පින්ලන්ත ව්‍යවසායකයන්ගේ තාක්ෂණික දැනුම හා නිපුණත්වය ශ්‍රී ලංකාව වෙත ලබාදීමටත් ක්‍රියා කරමින් ශ්‍රී ලංකා - පින්ලන්ත මිත්‍රත්වය නව මානයකට ගෙන ඒමේ ක්‍රියාවලියට ශක්තිමත් පදනමක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරය නිසා සැකසුණු බව පින්ලන්ත ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලැ (ර්ඪඬච ඹ්ඪදබඪතච) මහතා පැවැසීය.

10 වැනිදා සන්ධ්‍යාවේ හෙල්සින්කි නුවර රාජ්‍ය අමුත්තන්ගේ මන්දිරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස වෙත රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනමමින් ලින්ටිලැ මහතා වැඩිදුරටත් පැවැසුවේ මේ පසුබිම මත ලබන නොවැම්බරයේ පින්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල්කරණය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන බවය.
මෙම අවස්ථාවට පින්ලන්ත ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු මෙන්ම පින්ලන්තයේ මුල් පෙළේ ව්‍යවසාය නියෝජිතයෝද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon