දෙරටේ පාර්ලිමේන්තු අතර සම්බන්ධතාව ශක්තිමත් කළ යුතුයි

  👤  2431 readers have read this article !
By mawbima 2017-10-12

ශ්‍රී ලංකා සහ පින්ලන්ත පාර්ලිමේන්තු අතර සම්බන්ධතාව ශක්තිමත් කරමින්, ද්විපාර්ශ්වීය හුවමාරු වැඩසටහන් ඇරඹීමට ක්‍රියා කළ යුතු යැයි කතානායිකා මරියා ලොහෙලා (ර්චපඪච ඹ්ධඩඥතච) මහත්මිය පැවැසුවාය.

පින්ලන්ත පාර්ලිමේන්තු ක්‍රමය හා සම්ප්‍රදාය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබාදීමටත්, අනෙක් රටවල පාර්ලිමේන්තු ක්‍රම හා සම්ප්‍රදායන්ගෙන් පෝෂණය ලැබීමටත් තමන් හැම විටම සූදානම් බවද කතානායකවරිය අවධාරණය කළාය.

10 වැනිදා සන්ධ්‍යාවේ පින්ලන්ත පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක සාකච්ඡා කාමරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් ලොහෙලා මහත්මිය වැඩිදුරටත් පැවසූයේ පින්ලන්ත පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබඳව විවෘත ව සාකච්ඡා කිරීමට ඔවුන් ඉතා කැමැත්තෙන් සිටින බවයි.
සාකච්ඡාවට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි වික්‍රමසිංහ මහතා උණුසුම් අන්දමින් පිළිගත් කතානායකවරිය, ශ්‍රී ලංකා දූත පිරිස පාර්ලිමේන්තුව තුළ කෙටි සංචාරයකටද රැගෙන ගියාය.

පාර්ලිමේන්තුවේ විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහනක් තැබීමටද ඇය වික්‍රමසිංහ මහතාට ආරාධනා කළාය. ඉන් අනතුරුව සාකච්ඡා වාරය ඇරඹිණි.
පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම සඳහා ගත් සාධනීය පියවර අගය කරන බවද කතානායකවරිය ප්‍රකාශ කළාය.
ඒ සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු පියවර පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය. නිදහස ලැබීමට පෙර සිටම ශ්‍රී ලංකාව සතු වූ ව්‍යවස්ථාදායක අත්දැකීම් පිළිබඳවද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කරුණු ගෙනහැර දැක්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්