අර්බුදයන්හි පාර්ශ්වකරුවන් නොවී ස්ථාවරයේ කොටස්කරුවන් විය යුතුයි

  👤  2440 readers have read this article !
By mawbima 2017-10-12

අරගලයන් හා අර්බුදයන්හි පාර්ශ්වකරුවන් නොවී, ස්ථාවරත්වයේ කොටස්කරුවන් ලෙස ස්වකීය දේශයන්හි අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පින්ලන්ත ආරක්ෂක අමාත්‍ය යුසි නීනිස්ට (කභඵඵඪ ව්ඪදඪඵබධ) මහතා අතර පැවති සාකච්ඡාවන්හිදී අවධානය යොමු විණි.
10 වැනිදා පෙරවරුවේ හෙල්සින්කි නුවර ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

දෙරට ආරක්ෂක හමුදාවන්ගේ සාම්ප්‍රදායික ක්‍රියා පිළිවෙත් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
ඉන්දීය සාගර කලාපීය සාමය හා නිදහස් නාවුක ගමනාගමනය ශ්‍රී ලංකාවට වැදගත් වන්නා සේම පින්ලන්තයට බෝල්ටික් සාගර කලාපීය සාමය වැදගත් වන හෙයින්, කලාපීය බලවතුන් අතර, ස්ථාවරත්වයේ හා සාමයේ පදනම රැකගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව හා පින්ලන්තය යන දෙරටම හමුදාමය වශයෙන් ස්වාධීන රටවල් බැවින්, අභ්‍යන්තර හා බාහිර තර්ජනයන්ගෙන් ආරක්ෂා වීමේ උපාය මාර්ග පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්