පින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂණය ලංකාවේ ආයෝජනයට සූදානම්

  👤  2443 readers have read this article !
By mawbima 2017-10-12

පින්ලන්තය සහ ආශි්‍රත රටවල් කේන්ද්‍ර කොටගෙන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායන් ක්‍රියාත්මක කරන පින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂණය ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථාවන් සඳහා වැඩි වැඩියෙන් සම්බන්ධවීමට කැමැත්තෙන් සිටින බව එහි නියෝජියෝ ප්‍රකාශ කළහ.
දැනටමත් ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ක්‍රියාත්මක කරන ෆෙඩරේෂණ සාමාජිකයන් කියා සිටියේ ආයෝජන සහ ව්‍යාපාර හිතකාමී පරිසරයක් දැන් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතින බවය.

පින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂණ සාමාජිකයන් මේ අදහස් පළ කෙළේ පෙරේදා (10දා) උදෑසන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස සමඟ උදා භෝජන සංග්‍රහ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

හෙල්සින්කි නුවර පින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂණ මූලස්ථානයේදී පැවැති මෙම සාකච්ඡාව ආරම්භයේ වික්‍රමසිංහ මහතා පැවැසූයේ නව ලෝක ආර්ථික ප්‍රවණතාවන්ට ගැළපෙන අයුරින් ආර්ථික සංකල්ප වෙනස් කළ යුගය එළැඹී ඇති බවය. කලාපීය වෙළෙඳපොළ සංකල්පය කල්පැන ගොස් ගෝලීය වෙළෙඳ සංකල්පය ඉදිරියට පැමිණ ඇති බැවින්, ඒ යථාර්ථය පදනම් කර ගනිමින් කර්මාන්ත හා ව්‍යවසාය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව වික්‍රමසිංහ මහතා අවධාරණය කෙළේය.

සාකච්ඡාවේ සභාපතිත්වය දැරූ වර්සිලා සමාගමේ නියෝජ්‍ය විධායක සභාපති කරි හියටනෙන් (ම්චපඪ ඩ්ඪඥබචදඥද) මහතා පැවැසුවේ ඉන්දීය සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස සංවර්ධනය වීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය අතිශය වැදගත් බවයි. කුඩා රාජ්‍යයන් දෙකක් ලෙස පින්ලන්තය හා ශ්‍රී ලංකාව සමාන්තර ආර්ථික හා සමාජයීය ඉලක්කයන් වෙනුවෙන් පෙනී සිටින බැවින්, දෙරට අතර ආර්ථික හා සමාජයීය සම්බන්ධතා ශක්තිමත් කිරීමේ පොදු පදනමක් සැකසී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් පළ කරමින් වරාය සහ නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුන්නේ ව්‍යාපාර සඳහා යහපත් හා ශක්තිමත් පරිසරයක් දැන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති බවය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා යහපාලනය පදනම් කරගත් සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මඟින් දේශපාලන ස්ථාවරත්වය තහවුරු වී ඇති අතර, සරල බදු ක්‍රම හා දිරිගැන්වීම් මඟින් ආයෝජකයන් සඳහා සුමට මාර්ගයක් විවර වී ඇති බවද සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්